කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබෙනවා.

මෙරටට ආනයනය කරනු ලබන ඇතැම් කරවල, හාල්මැස්සන් සහ පළතුරු තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල වශයෙන් අඩංගු බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඇතැම් ආනයනික පළතුරු තොගවල බැර ලෝහයක් වන ‘ලේඩ්’ නැමැති රසායනිකය විශාල වශයෙන් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ සමීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content