නුවරඑළිය වාරිමාර්ග නිලධාරින් සහ නුවරඑළිය බොරලන්ද බුලුඇල ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග ගොස් නොසන්සුන්කාරි තත්ත්වයක් හටගත් බව ප්‍රදේශවාසීන් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා.

බොරලන්ද බුලුඇල ප්‍රදේශයේ  රජයට අයත් භූමියක් වාර්ෂික බදු පදනම මත පවුල් කිහිපයක් සදහා  වගා කටයුතු සිදු කිරීමට  ලබා දී තිබෙනවා.

රජයේ වාරි සංවර්ධන වැඩ කටයුත්‍තක් සදහා යැයි පවසමින් වාරිමාර්ග නිළදාරින් වගාකරුවන් විසින් ලබා ගත් තහනම් නියෝගයක් තිබියදි එයද  නොතකා දහස් ගණන් ආයෝජනන් සිදු කර සැකසු වගාබිම් විනාශ කිරීමට උත්සහ ගෙන තිබෙනවා.

එහිදි ඇති වූ බහින් බස්වීමක් දිග දුර යෑමෙන්  වාරිමාර්ග නිළදාරින් බැකෝ යන්ත්‍රයේ කුල්ලෙන් ඇල මාර්ගයකින් පුරවාගත් අපිරිසිදු මඩ වතුර හලා හෘද රෝගීන් ඇතුලු අහිංසක ජනතාවට අමානුෂික ලෙස පීඩා සිදු කල බව ප්‍රදේවාසින් පවසනවා.

එම චෝදනාව නුවරඑළිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අදාළ ඉඩම් සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබු වාර්ෂික බලපත්‍ර සියල්ල අහෝසි කර එම ඉඩම වාරි සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස වගා කරුවන්ට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය  ලේකම්වරයා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව  උපදෙස් ලබාදුන් බවයි.

නමුත් ඉඩම ලබා නොදී නුවරඑළිය දිසා අධිකරණය නඩු මාර්ගයට පිවිසිය ද එම නඩුව නිශ්ප්‍රභා කිරිමට විනිසුරුවරයා කටයුතු කළා.

මෙම නඩු තීන්දුව පිළිනොගෙන නැවතත් ඔහුන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා ,

මෙම සිද්දියේ විඩියෝව පහළින්.

 

WhatsApp Group

Skip to content