ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 06 වැනි තරඟයෙන් කඩුළු 04ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 176ක් රැස් කළා.
එහිදී නායක ශිකර් ධවාන් පන්දු 37දී ලකුණු 45ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් සහ ග්ලේන් මැක්ස්වෙල් කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 49දී ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුණු අතර, ඔහු තරඟයේ වීරයා සම්මානයද දිනා ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content