කල්ඉකුත් වූ හෝ තත්ත්වයෙන් බාල ඖෂධ ජනතාවට ලබාදීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඖෂධ බෙදාහැරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු මේ වන විට මගහරවාගෙන වඩාත් සාර්ථකව සිදුකරන බවයි රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ වෙතත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කළේ හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින් සියයට 90 ක්ම රෝගීන්ට ලබාදී ඇති බවයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කළේ ඇතැම් ඖෂධ මිලදී ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙර තාක්ෂණික ඇගයීම් වාර්තා නිකුත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content