පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මන්‍ය කිරීම සදහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වන විට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඔහු සදහන් කළේ විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස්කර ගැනීම සදහා එහි සැපයුම්කරුවන් සමග තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content