ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේනවා.

එහිදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා විසින් මෙරට ජනතාවගේ භාෂණයේ නිදහස සහ රැස්වීමේ නිදහස පිළිබඳ ප්‍රශ්නය මතු කර තිබෙන බව සඳහන්.

මාර්ගත ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ භාෂණයේ සහ රැස්වීමේ නිදහස තහවුරු කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කළ බවත් මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා .

WhatsApp Group

Skip to content