ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එල්ල වන පීඩනය වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකු මියයාමෙන් පසුයි  බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට මෙම පීඩනය එල්ල වී ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂ තුනක් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ආයුධ අලෙවිය අත්හිටුවීම ගැන සලකා බැලිය යුතු බවයි.

එම ප්‍රහාරයෙන් ඕස්ටේ්‍රලියානු, බ්‍රිතාන්‍ය හා පෝලන්ත ජාතිකයන් මෙන්ම පලස්තීන, ඇමෙරිකා – කැනඩා ද්විත්ව පුරවැසියෙකු ද මිය ගියා.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි.

WhatsApp Group

Skip to content