බ්‍රිතාන්‍යයේ පවතින විරෝධතා හේතුවෙන් එහි සංචාරය කිරිම පිලිබදව රටවල් 06 ක් විසින් තම පුරව්සියන්ට අනතුරු අඟවා තිබෙනවා.

එලෙස අනතුරු අඟවා ඇත්තේ තායිලන්තය ,නයිජීරියාව, මැලේසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව යන රටවල් විසින්.

එමෙන්ම පවතින තත්ත්වය තුළ සංක්‍රමණිකයන්ට, සරණාගතයින්ට සහය වන සංවිධානවලට සම්බන්ධ පරිශ්‍ර 39 ක් පිළිබඳ අවධානයෙන් පසුවන බව ද එරට ප්‍රජා අමාත්‍ය ජිම් මැක්මහෝන් පවසනවා.

පවතින විරෝදත පිලිබදව ජනතාවට ද අවදානයෙන් පසුවන ලෙසයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

මේවන විට විරෝධතා හේතුවෙන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන පුද්ගලයින් 100කට අසන්න ප්‍රමාණයකට චෝදනා එල්ල කර ඇති බවත් එරට පොලීසිය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content