බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.
වාලච්චේන ධීවර වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අදාළ බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
වාලච්චේන ධිවර වරායෙන් ධීවර කටයුතු සඳහා අදාළ බහුදින ධීවර යාත්‍රාව මගින් ධිවරයින් පස් දෙනෙකු දියඹට ගොස් තිබුනා.
අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර ඔලුවිල් හි පදිංචි ව සිටි 60 හැවිරිදි තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. අනතුර හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

 

WhatsApp Group

Skip to content