පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ලබන නොවැම්බර් 15 වනදාට පෙර අදාළ ආයතනවලට ඔවුන්ට පත්වීම් ලබා දෙන ලෙයසි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව දැනුම් දුන්නා.

රජයේ බදවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය පත්කළ නිල කමිටුව මෙතෙක් ගනු ලැබු පියවර සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවාධනයට ලක්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content