බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසුවේ ඊයේ (03) රාත්‍රීයේ මෙම අනතුර සිදුවූ බවයි.

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

තුවාල ලැබූවන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content