යුද හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ බස් රථයක යතුරු පැදියක් ගැටීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

දැරිය සිය මව සමග යතුරු පැදියේ යමින් සිටියදී බණ්ඩාරගම පොලිසිය ආසන්නයේදී මෙම අනතුර සිදු වී ඇති බව සදහන්.

එමෙන්ම දඹගල්ල, මඩුල්ල ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සැණකෙළි භූමියක මාරක ලිදේ පඩිපෙළ නගිමින් සිටි අවුරුද්දක් වයසැති දරුවෙකු බිම ඇද වැටීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. දරුවාගේ පියා සැණකෙලි භූමියේ සේවය කරන පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර අඵත උපන් බිළිදෙකු කසල ගොඩකට දමා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම, කිරලෝගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 16 වන දා ඇය සිය නිවසේ දී මෙම බිළිදා ප්‍රසූත කර ඇති අතර පසුව කසල ගොඩකට බැහැර කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ බිළිදා සහ සැකකාර මව තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය ප්‍රකාශ කලා.

 

WhatsApp Group

Skip to content