උමා ඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලයට ආසන්න ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර එහි ගමන් ගත් තවත් 6 දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

රාත්‍රී වැඩමුරය නිමා කර නිවෙස් බලා යමින් සිටි උමා ඔය ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් මෙලෙස අනතුරට පත් වී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇල්ල වැල්ලවාය පොලිසිය මගින් ක්‍රියාත්මක බවටයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

 

WhatsApp Group

Skip to content