ඉතාලියේ වැනීසිය නගරයේ බස් රථයක් ගුවන් පාලමකින් පිටතට පෙරලී දුම්රිය මාර්ගයක් ආසන්නයට ඉහළ සිට කඩා වැටීමෙන් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කඩා වැටීමෙන් පසු බස් රථය ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම පිරිසෙන් පුද්ගලයන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.

අනතුරට පත් මෙම බස් රථය සංචාරකයක් ප්‍රවාහනය කරන බස් රථයක් වන අතර, එහි ගමන් ගත් යුක්රේන ජාතිකයන් 5 දෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ ඉතාලි ජාතික රියදුරු ජීවිතක්ෂයට පත්වූවන් අතර සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content