කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී නවතා තිබූ බස්රථයක තවත් බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අළුයම 3.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර පසුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් වතුපිටිවල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මාර්ගයේ නවතා තිබූ බස්රථය වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් වන අතර එම බස් රථයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content