පාතාල මර්දනයට විශේෂ පොලිස් ඒකක යෙදවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
පසුගිය දින කිහිපයේ වෙඩි තැබීම් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වූ අතර ඒ අනුව සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය සඳහා පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා.