බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

පරිඝනක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව ලබන 27 වන දා සිට ඔක්තෝම්බර් මස 02 වන දා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

එමෙන්ම ලබන 26 වන දා සිට කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝම්බර් මස 10 වන දා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබා ගැනීමේ හැකියාව පවතිනවා

 

WhatsApp Group

Skip to content