බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට යටින් ලා පැහැති දිග ඇඳුමක් ඇදීමට අවසර ලබා දී තිබෙනවා.

ඩෙංගු රෝගයෙන් පාසැල් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම නව වැඩපිළිවෙල දිවයිනේ සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට ඩෙංගු – කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේදී යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාතෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 22,881 ක් වාර්තා වී ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content