ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලිය අදින් 19දා අවසන් වේ.

ඉකුත් 17වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ දෙදිනක් අවසන් වද්දීම :පෙර මාසවලදී අවසන් වූ ක්‍රීඩා ප්‍රතිඵලද සමගින් රන් පදක්කම් සියය සීමාව පසුකර යෑමට බස්නාහිර පළාත සමත්ව සිටියි.

ඒ අනුව ඊයේ පස්වරුව වනවිට ඔවුන් රන් පදක්කම් 101ක්ල රිදී පදක්කම් 78ක් හා ලෝකඩ පදක්කම් 85ක් දිනාගෙන සිටියා.

එහි දෙවැනි ස්ථානය හිමිව තිබුණේ රන් පදක්කම් 41ක් හිමි වූ මධ්‍යම පළාතට වන අතරල තෙවැනි ස්ථානය රන් පදක්කම් 36ක් හිමි වූ දකුණු පළාතට හිමිව තිබුණා.

WhatsApp Group

Skip to content