යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචි තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

WhatsApp Group

Skip to content