“අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බය නැතුව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සත්‍ය තොරතුරු අපට ලබා දෙන ලෙස තොරතුරු ලබා දෙන ඔබ හදුනාගත නොහැකි වන ලෙස සී.එල්.අයි. පහසුකම් නැති දුරකතන අංක ඔබට අපි දැන් හඳුන්වා තිබෙනවා. එවිට දුරකතන ඇමතුම ලබා දෙන්නේ කවුද කියල හදුනා ගන්න බැරි වෙනවා. අපි එහෙම කළෙ ඔබේ විශ්වාසය තහවුරු කරගන්නයි. රටේ විවිධ පුද්ගලයින්ගෙන්, විවිධ කණ්ඩායම්වලින් විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනවා මේ මෙහෙයුම නැවැත්වීමට. නමුත් අපි හැමෝටම කියනවා මත්ද්‍රව්‍ය ජාවාරම තුරන්කර මිසක් යුක්තිය මෙහෙයුම නවත්වන්නේ නැතැයි”, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.

රත්නපුර සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස දෙකේ පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් දැනුවත් කරමින් කුරුවිට ග්‍රෑන්ඩ් ගාර්ඩියන් හෝටල් පරිශ්‍රයේ පසුගිය දා පැවැති දැනුවත් කිරීමේ රැස්වීමක දී අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේය.

රත්නපුර සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ දෙකේ ග්‍රාම නිලධාරී වසම් 585 ක ප්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයින් 1500 ක් පමණ සාමාජිකයින් පිරිසක් මෙම වැඩසටහන සඳහා කැඳවා තිබුණි.

WhatsApp Group

Skip to content