මස්කෙළිය, මොකාවත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මස්කෙළිය පොලීසිය සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 33 හා 44 යන වයස්වල පසුවන මොකාවත්ත හා මස්කෙළිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ට එළැඹෙන 19 වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත මුදා හැර තිබෙනවා.

WhatsApp Group

Skip to content