බර්ලින් ගෝලීය සංවාදය අද ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිවයිනෙන් පිටව ගියා.

අද සහ හෙට යන දෙදින මෙම සංවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද දිනයේදී පැවැත්වීමට නියමිතයි.

බර්ලින් ගෝලීය සංවාදය මගින් සිදු කරනු ලබන්නේ ලෝක නායකයින් එක ස්ථානයක හමුවී ව්‍යාපාර සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කරමින් ගෝලීය ආර්ථික අර්බුදවලට පිළියම් සෙවීමයි.

එරට චාන්සලර් ඔලාෆ් ශෝල්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව ජර්මානු රජයේ ජනමාධ්‍ය හා තොරතුරු කාර්යාලය සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව ජර්මානු චන්සලර්වරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content