මධ්‍යම කඳුකරයේ තේ වතු කම්කරුවන්ට මේ දිනවල නිරන්තරව එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් එම කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා.

මෙම වතු කම්කරුවන් තම දෛනික සේවා කටයුතුවල නිරතව සිටියදී තේ වතුවල පිහිටි විශාල ගස්වල හා තේ පඳුරුවල බැඳ ඇති මෙම බඹර කූඩු ක්ෂණිකව ඇවිස්සීමෙන් කම්කරුවන්ට පහර දීම සිදු කරනු ලබන අතර මෙම ප්‍රහාරවලදී විශේෂයෙන් වතු කම්කරු කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්වනවා.

උකුස්සන් බඹර කූඩු වලට පහර දීමෙන් හා වැසි සමඟ දැඩි සුළං පවතින අවස්ථාවලදී මෙම විශාල බඹර කූඩු කඩා වැටීමට ලක්වෙනවා. එහිදී ඇවිස්සෙන බඹරුන් කුපිතවී බිම් ප්‍රදේශයේ දළු නෙළමින් හා විවිධ සේවා කටයුතුවල නිරතව සිටින වතු කම්කරුවන්ට එලව එලවා පහරදිම් සිදු කරන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරේ.

මෙම බඔර ප්‍රහාර වලදී අසාධ්‍ය තත්වයෙන් සිටියදී මියගිය වතු කම්කරුවන් පිළිබඳ ශෝඛජනක සිද්ධීන්ද පසුගිය කාලයේ වාර්තාවී තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් බඹර ප්‍රහාර වලට ලක්වීමෙන් අනතුරුව රෝහල් කරා ගෙන යාම අසීරු වන්නේ ප්‍රවාහන හා මාර්ග අපහසුතාවයන් හේතුවෙනි.

තේ වතු ආශ්‍රිතව පිහිටි ගස්වල මහා පරිමාණයෙන් බැඳ ඇති ඹබර කූඩු විද්‍යාත්මක සැලැස්මකට ඉවත් කිරීම සඳහා වගකිවයුතු අංශ කඩිනම් පියවර ගන්නේ නම් තමන් ක්ෂණික බඹර ප්‍රහාරවලට ලක්වීම වැළකී යනබව වතු කම්කරු ප්‍රජාව අප ප්‍රාදේශීය වාර්තාකරු සමග පැවසුවා.

WhatsApp Group

Skip to content