තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 18 දෙනෙකු තුවාල ලබා ඉන් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 18 දෙනෙකුට බඹරුන් පහර දි ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි අසාධ්‍ය තත්ත්වයෙන් නොවන වතු කම්කරුවන් දස දෙනෙකුට එම වතුයායේ රෝහලෙන් ප්‍රතිකාර ලබා දි ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අට දෙනෙකු පමණක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.

WhatsApp Group

Skip to content