බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු ඊයේ දිනයේදී පළාගොස් තිබෙනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
උදරයේ ඇතිවූ බව පැවසෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හෙරොයින් මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය ගෙවාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

25 හැවිරිදි වියේ පසුවන අදාළ රැඳවියා ඇඹිලිපිටිය වැව්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සොයා බන්ධනාගාර නිලධාරීන් සහ ඇඹිලිපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content