බන්ධනාගාර ආශ්‍රිතව හෙට සහ අනිද්දා පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී.බී දිසානායක මහතා පැවසුවේ , අදාළ දිනවල නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා ඊට අදාල උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම නත්තල් උත්සවය වෙනුවෙන් හෙට හා අනිද්දා බන්ධනාගාරගත රැඳවියන් හට විවෘතව අමුත්තන් පෙන්වීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content