බන්ධනාගාර සිරමැදිරි වල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම රජයට වාර්ෂිකව රැඳවියන් නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 800කට වඩා වැඩි මුදලක් වැයවන බවද එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම සමස්ථ රැඳවියන්ගෙන් සියයට 53ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බවද එම වාර්තාවේ සටහන්ව තිබෙනවා .

බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර, දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින බවද අදාළ විගණන වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ඇප නියම කර තිබුණද, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පුද්ගලයින් 1 795 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බවයි අදාල වාර්තාවේ සටහන්ව ඇත්තේ .

WhatsApp Group

Skip to content