අමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි බන්ධනාගාරයක රැඳවියන් 100
දෙනෙකු නැවත සිර මැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සමස්ථ
බන්ධනාගාරය අගුලු දමා ආරක්ෂාව තර කර තිබෙනවා.

අධික උණුසුම, වැසි තත්ත්වය, අපිරිසිදු පානීය ජලය ඇතුළු රැඳවියන්ට නිසි පරිදි
මූලික පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙලෙස රැඳවියන් සිරමැදිරි වෙත
යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම තත්ත්වයත් සමග අතිරේක පොලිස් ඒකක, ගිනි නිවීමේ භටයන් ඇතුළු අනෙකුත්
අවශ්‍යතා සඳහා කණ්ඩායම් ස්ථාන ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහසුකම් යටතේ රැඳවියන් 1,200ක් පමණ මෙම බන්ධනාගාරයේ
සිරගත කර සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content