බන්ඩි පොහොර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 9000 ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයාට මෙම උපදෙස් ලබාදී ඇති බව සදහන්.

මේ වන විට බන්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 27,000 ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතිනවා.

මේ අතර යූරියා පොහොර ද සියලුම ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content