මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක මහතා ඒ බව සඳහන් කලා .

කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content