පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙසයි අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ.

එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙයි.

නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content