කටුනායක ගුවන් තොටුපල නිලධාරින්ගේ ඇස් වසා පිටකරගෙන යමින් තිබූ භාණ්ඩ තොගයක් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ භාණ්ඩ වෙනුවෙන් රජයට අයවිය යුතු තීරුබදු ඇතු`ඵ අනෙකුත් බදු නොගෙවා පිටතට රැගෙන ගොස් ඇති බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.

එසේම ගුවන් තොටුපල සියලුම පරීක්ෂණ ආයතන මගහරිමින් එම භාණ්ඩ ගුවන් තොටුපලෙන් පිටකරගෙන යමින් තිබූ බවද පැවසෙනවා.

අදාළ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි 3 ක් පමණ වන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, ස්වර්ණාභරන මෙන්ම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ද වනවා.

මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධිව මෙරටට ගෙනවිත් ඇත්තේ කැළණිය, වීරකැටිය, පුත්තලම සහ කොලොන්නාව යන ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු විසින්.

ඔවුන් පිළිබද වැඩිදුර පරීක්ෂණ ගුවන් තොටුපල පොලිසිය මගින් ක්‍රියත්මක කරනු ලබනවා.

WhatsApp Group

Skip to content