ඉදිරියේදී වක්‍ර බදු හදුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට මේ තුළින් බලාපොරොත්තු වන බවයි.

වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම, සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවටත් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

එළඹෙන වසරේදී නව දේපළ බද්දක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2024/01/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content