රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව සති දෙකක් ඇතුළත විද්වත් කමිටුවක් පත් කර මේ පිළිබඳ පුළුල් ලෙස විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා එහිදී සඳහන් කළා.

WhatsApp Group

Skip to content