මේ වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්ථමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා තිබෙනවා .

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බවයි .

එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා

WhatsApp Group

Skip to content