බතලගොඩ වී පර්යේෂණ ආයතනය අද සහ හෙට ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිජනන මධ්‍යස්ථාන භූමිය ජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ජනතාවට මෙහිදී අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවයි .

මේ අතර ගොවි ජනතාවට නව කෘෂිකාර්මික තාක්ෂණය, අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා බතලගොඩ වී පර්යේෂණ ආයතනයට පැමිණෙන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

WhatsApp Group

Skip to content