රජය ගත් ජනප්‍රිය නොවන තීන්දු හේතුවෙන් ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා (04) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වර්තමානයේ බඩු මිල අඩුවන්නේ වසර දෙකක් තිස්සේ ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා බවත්, ගෑස් මිල, ඩීසල් මිල අඩු වන්නේ ඒ ආයතන ආරක්ෂා කර ශක්තිමත් කිරීමට නිසි අවස්ථාවේ තීන්දු ගත් නිසා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

WhatsApp Group

Skip to content