කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බ‌ඩඉරිඟු ගොවීන් දස දහසක් සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව පළමු අදියරේදී  බ‌ඩඉරිඟු ගොවීන් සඳහා බිම් සකස් කිරීම සඳහා මුල්‍ය ආධාර ලබා දීම, බීජ නොමිලේ ලබා දීම, තෙල් ඉසින යන්ත්‍ර හා බහු කාර්ය තණ කොළ කපන යන්ත්‍ර ලබා දීම ආදී ආධාර රැසක් ලබා දීම සිදු කෙරුණා.
එහි දෙවන අදියර යටතේ ප්‍රථිලාභයන් මීට පෙර හිමි නොවූ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ බ‌ඩඉරිඟු ගොවීන් දස දහසක්  වෙනුවෙන් රුපියල් බිලියනයක ආධාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
මේ යටතේ බ‌ඩඉරිඟු අක්කර විසිදහසක්  වගා කරවීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුුුණා.
එහිදී මෙම ව්‍යාපෘතිය කඩිනමින්, සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණා.
සුළු පරිමාණයෙන් සිදු කළ බඩ ඉරඟු වගාව අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ප්‍රචලිත කිරීම මීට වසර කීපයකට පෙර සිදු කරනු ලැබූවා.
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයක, දිස්ත්‍රික්කය පුරා ගොවි ගෙවිලියන් දස දහස් ගණනක් බඩ ඉරඟු වගාව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනු ලබනවා.
මාස් කන්නයේ වැසි ජලයෙන් බහුලව බඩඉරඟු වගාව සිදු කරන අතර ඒවා මිනිස් පරිභෝජනයට, ත්‍රීපෝෂ නිෂ්පාදනය හා කුකුල් කෑම ඇතුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවිය සිදු කිරීම මගින් උපයා ගන්නා මුදල එම ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.
එම බඩඉරඟු ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කර, ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.

WhatsApp Group

Skip to content