කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට අද (03) දින උදැසන සිට අධික වැසි පතිත විම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල ගොස් තිබෙනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව කොටියාගල වතු නිවාසවලට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් වන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නිලධාරින් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content