බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා .

අදාළ නියෝගය ලබා දී ඇත්තේ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් විසින්

බංග්ලාදේශ ජනාධිපතිවරයා මෙලෙස නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් පලා යාමෙන් පසු , එරට බලය හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුවයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග පැවති සාකච්චාවකින් අනතුරුව බංග්ලාදේශ ජනාධ්පතිවරයා අදාළ තීරණය ගනු ලැබුවා.

එරට හමුදා ප්‍රධානින් ඊයේ ප්‍රකාශ කලේ අග්‍රාමාත්‍යවරිය පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවයි.

WhatsApp Group

Skip to content