ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම ජයග්‍රහණය ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ බංග්ලාදේශී කාන්තා කණ්ඩායම වාර්තා කළ සිය පළමු එක්දින තරග ජය වනවා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 44 කට සීමා කිරීමයි තරග විනිසුරුවන් තීරණය කළෛ්.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 152 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 35යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

WhatsApp Group

Skip to content