2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස් කළා.
එහිදී හෙන්රිච් ක්ලාසන් ලකුණු 46ක් සහ ඩේවිඩ් මිලර් ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ටන්සිම් හසන් සකීබ් ලකුණු 18 කඩුලු 3ක් සහ ටස්කින් අහමඩ් ලකුණු 19ට කඩුලු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.
එහිදී තව්හිද් රිදෝයි ලකුණු 37ක් සහ මහමදුල්ලාහ් ලකුණු 20ක් රැස් කළා.
පන්දු යැවීමේදී කේෂව් මහරාජ් ලකුණු 27ට කඩුලු 3ක් බිඳ හෙළුවා.
දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කිරීම හේතුවෙන් සුපිරි 08 දෙනාගේ වටය සඳහා තේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content