ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුලු ප්‍රතිසංස්කරණ රැසක් සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය නව කොමිෂන් 6ක් පත්කර තිබෙනවා.

අධිකරණය, මැතිවරණ ක්‍රමය, පරිපාලනය, පොලීසිය, දූෂණ මර්දන කොමිසම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිස්ංසකරණය කිරිම සඳහායි මෙලෙස කොමිෂන් 6ක් පත්කර ඇත්තේ.

එම නව කොමිෂන් 6 සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා.

ප්‍රතිසංස්කරණයන්හි අරමුණ වන්නේ මහජන අයිතිය, වගවීම හා සුබසාධනය මත පදනම් වු රාජ්‍ය පද්ධතියක් ඇති කිරීම බවයි ඔහු මෙහිදි සඳහන් කළේ.

WhatsApp Group

Skip to content