බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් පත් කර තිබෙනවා.

එරට ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පැවසුවේ ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කල බවයි.

නව අග්‍රාමාත්‍ය මුහම්මද් යූනුස් නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ පුද්ගලයෙකු වනවා.

විරෝධතා හමුවේ, බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් අනතුරුව හමුදාව මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන් ප්‍රකාශ කලේ අන්තර්වාර අග්‍රාමාත්‍ය වරයා ලෙස මුහම්මද් යූනුස් පත් කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content