බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගන්නා බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට බංගලාදේශ ජනාධිපතිවරයා විසින් එරට බන්ධනාගාරගතව සිටි හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියළු දේශපාලනඥයින් ඇතුළු සියළු ක්‍රියාකාරිකයින් නිදහස් කරන ලෙසයි.

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපල ද මේ වන විට වසා දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content