බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 7න් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content