බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් කටයුතු නොකළ යුතු බව තමන යලිත් අවධාරණය කරන බව එරට ක්‍රිකට් ආයතනයේ නව සභාපති එෆ්. අහමඩ් පවසනවා.
සභාපති දුරය භාරගැනීමට පෙරද ඔහු මේ බව සඳහන් කර තිබුනා.

චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව තමා මෙතෙක් අධ්‍යනය කර නොමැති නමුත්, තමා ඔහු සම්බන්ධයෙන් මීට පෙර දැරූ මතය වෙනස් නොවන බවයි ඩකා හී දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම වඩා හොද පුහුණුකරුවෙකු සොයා ගැනීමට හැකිදැයි තම අවධානය යොමු කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම 2025 වසරේ පෙබරවාරි මාසය දක්වා වලංගු බව සඳහන්.

WhatsApp Group

Skip to content