බංග්ලාදේශයෙන් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව වාර්තා වනවා .

ඒ ඩොලර් මිලියන 50ක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එරටට ලබා දීමට කටයුතු කිරීමත් සමගයි .

එමෙන්ම එම ණය මුදලට අදාළ පොලීය ලෙස ඩොලර් මිලියන 4.5ක මුදලක් ද ගෙවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වන්නේ .

WhatsApp Group

Skip to content