නවසිලන්ත කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 9 ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද සමත් වූණා .

මෙම තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ .

ඒ අනුව පිටියට පිවිසි සත්කාරක නවසිලන්ත කණ්ඩායමට පන්දුවාර 31 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 98 ක් පමණයි .එහිදී විල් යන්ග් ලකුණු 26 ක් රැස් කළා .

මෙම ලකුණු සංඛාව වාර්තා අතරට එක් වුයේ නවසිලන්ත කණ්ඩායමක් බංගලාදේශයට එරෙහිව රැස් කල අඩුම ලකුණු සංඛාව ලෙසයි .
ලකුනු 99 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 15 යි එක් පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී එම ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් වුණා

කෙසේ වෙතත් දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සමත් වුනේ සත්කාරක නවසිලන්ත කණ්ඩායමයි .

WhatsApp Group

Skip to content